මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැටෙන සෑම හිරු කිරණක්ම, සෑම දිය බිඳුවක්ම ප්‍රයෝජනයට ගැනීමට සූදානම්- විදුලබල ඇමැති

    මාර්තු 18, 2018

    වැටෙන සෑම හිරු කිරණක්ම, සෑම දිය බිඳුවක්ම අපතේ යන්නට නොදී ප‍්‍රයෝජනයට ගන්න සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඉතාම හොඳ පරිසර හිතකාමි ක‍්‍රමවේදයකට ඉදිකරන ලද ගොඩනැගිල්ලක් බව ද පෙන්වා දුන්නේය. ඒ නිසා ඇත්ත වශයෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ ආකාරයෙන් ජනතාවට ආදර්ශමත් වියයුතු බව ඒ මහතා සඳහන් කළේය.

    මෙම නව පරිසර හිතකාමී ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 550ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

    "මේ රටේ පනත් අතරින් ඉතාම නිර්මාණශීලී පනතක් හැටියට මා සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත දකිනවා. ඒ වගේ නිර්මාණශීලී, පුළුල් පරාසයක් සහිත පනතක් මා දැක නැහැ. මේ ක්ෂේත‍්‍රයට අදාළ බොහෝදේ, ක්ෂේත‍්‍රයේ දියුණුවට අදාළ බොහෝ දේ කරන්න ඒ පනතින් ඉඩකඩ සලසලා තිබෙනවා. මෙම නව ගොඩනැගිල්ල තුළ සිට තවත් නිර්මානශීලී බොහෝ දේ කරන්න හැකිවේවායි මා ප‍්‍රාර්ථනා කරනවා. අපි බොහෝ විට දෙයක් ආරම්භ කළාම, ඒ කාර්යය අවසන් කරන්න පරම්පරා ගණනක් ගතවෙනවා. නමුත් මෙම ගොඩනැල්ලේ සුවිශේෂත්වය තමයි, ඉතාම කෙටි ඒ වගේම නිශ්චිත කාලයකින් නිම කරන්න සැලසුම් කිරීම. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසය වෙද්දි මෙහි වැඩ අවසන් කරන්න සැලසුම් කර තිබෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya