අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා ඉක්මනින් බඳවාගැනීම සිදු කරනවා Featured

    පෙබරවාරි 20, 2018

    පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා ඉතාම ඉක්මනින් බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (20) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජාතික පාසල් සංඛ්‍යාව 353කි. ස්ථීර විදුහල්පතිවරු පත් කර ඇති පාසල් සංඛ්‍යාව 121කි. දැනට වැඩ ආවරණය කරන ශ්‍රේණිගත ගුරුවරු සංඛ්‍යාව 232ක් බවද අමාත්‍යවරයා පැවසීය.

    ස්ථීර විදුහල්පතිවරුන් නොමැති ජාතික පාසල් සඳහා ස්ථීර විදුහල්පතිවරු පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ ජාතික පාසල් ලේඛනය හා අනෙකුත් ලේඛන රාජ්‍ය
    සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යවා ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

    ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ විශාල හිඟයක් තිබුණා.පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ම නියමිත ශ්‍රේණි ධාරීන් හිටියේ නෑ. ඒ නිසා විදුහල්පතිවරුන් බඳවා ගැනීම ආරම්භ කළා.අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් බඳව ගනු ලැබුවා.වසරක් පුහුණු කළා.විදුහල්පති තුන්වන ශ්‍රේණියේ හාරදහසක් පමණ බඳවාගෙන පද්ධතියට දමා තිබෙනවා. දැන් ගැසට් කරලා,ඉතාම ඉක්මනින් බඳවා ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya