නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන විද්‍යා වෘත්තිකයන්ට ඩිප්ලෝමා සහතිකපත‍්‍ර Featured

    ජූලි 11, 2014

    අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කළ වෘත්තිකයන් 32 දෙදෙනෙකු සඳහා පුහුණුවෙන් පසු ඩිප්ලෝමා සහතිකපත‍්‍ර ප‍්‍රදානය කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මූලික කාර්යභාරයක් ලෙස මෙම අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන්නේ විවිධ ක්ෂේත‍්‍රයන්හි පුහුණු කරන්නන් පුහුණු කරවීම සඳහායි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට නව අධ්‍යාපන විද්‍යා ක‍්‍රමෝපායන් උපයෝගී කර ගනිමින් මෙම අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කෙරිණි.

     

    2012 දෙසැම්බර් 10 දින ආරම්භ කරන ලද මෙම අධ්‍යාපන විද්‍යා පාඨමාලාව සඳහා මාස 06ක කාල සීමාවක් ගත වේ. මෙවර කණ්ඩායම සඳහා භෞත චිකිත්සකවරුන්, අක්ෂිවේදීන්, ඖෂධවේදීන්, වෛද්‍ය පර්යේෂණ කාර්මික විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදි යන ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් 32 දෙදෙනෙකු දිවයින පුරා පිහිටි සෞඛ්‍ය පුහුණු ආයතනවලින් මේ සඳහා සහභාගි කර ගැනිණි.

     

    මෙම පාඨමාලාවේ අරමුණ නම් පුහුණු ආයතනවල සිටින ආචාර්ය මණ්ඩලයේ ඉගැන්වීම් මඟින් දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීමයි. මෙම පුහුණු පාඨමාලාව තුළ පරමාදර්ශී චරිතයක්වීමට කායික සුවතාව සඳහා ශාරීරික ව්‍යායාම ද මානසික සුවතාව සඳහා භාවනා ක‍්‍රම ඇතුළත් මානසික පුහුණු ක‍්‍රම ද  ඇතුළත් වේ.  

     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ලංකාවේ පළමු වතාවට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඒ තුළින් උපාධිධාරී ඩිප්ලෝමාධාරියෙක් ලෙස පත්වී ඔබ සහතිකපත් ලබාගැනීම සතුටට කරුණකි. අපේ රටේ සෞඛ්‍ය සේවාව ප‍්‍රශස්ත මට්ටමක පවතී. භාණ්ඩාගාර ලේකම්තුමා ප්‍රකාශ කරන පරිදි ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව මුළු ලෝකයටම ආදර්ශයට ගත හැකි සෞඛ්‍ය සේවයක් බව ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන බව ද සඳහන් කළේය.
     

    භාණ්ඩාගාර ලේකම්තුමා විශේෂයෙන් ප‍්‍රකාශ කළේ ඇමරිකානු ජනාධිපතිතුමාටත් තවම ඔබාමා ප‍්‍රතිසංස්කරණ සෞඛ්‍ය සේවයට ගෙන එන්න අමාරුවෙලා ඉන්න අවස්ථාවක අප රටේ  නිදහස් සෞඛ්‍ය සේවාව මේ ආකාරයට කරගෙන යාම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉන්න සියලු දෙනාට මහත් ගෞරවයක් ලැබෙන කාරණයක් බවයි.  අතීතයේ හිටපු අපේ ගුරුවරුන්, අපේ පුහුණුකරුවන්, අපට කලින් මේ සේවාවල හිටපු අය කරපු මහා ප‍්‍රාතිහාර්යක ප‍්‍රතිඵලයක් සෞඛ්‍ය සේවය අපට ලැබී තිබේ. අපේ කාර්යභාරය, වගකීම හා යුතුකම වන්නේ මෙය තව තවත් ඉදිරියට ගෙනයාම බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසිය.  


    මෙම අවස්ථාවට අතිරේක ලේකම් (පාලන) සෝමරත්න විදානපතිරණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස්, අධ්‍යක්ෂ (පුහුණු) වෛද්‍ය ඩබ්.ඒ.ඒ. තිසේරා, කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් යන මහත්වරු සහභාගි වී සිටියහ.  

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya