අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ පොල් නිෂ්පාදිත රටවල් අතරින් සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    ජූලි 11, 2014

    ලෝකය පුරා රටවල් 92ක පොල් නිෂ්පාදනය කෙරෙන අතර, විශාලත ම පොල් නිෂ්පාදන රටවල් වන ඉන්දුනීසියාව, පිලිපීනය හා ඉන්දියාවට අනතුරුව, ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ආරම්භ වූ cocotech -2014 සමුළුවට සහභාගී වෙමිනි. මෙම සමුළුව අදින් (11) අවසන් වේ.

     සමුළුව අමතමින් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ගෝලීය නිෂ්පාදනයෙහි ලා ශ්‍රී ලංකාවේ දායකත්වය සියයට 3.5ක් පමණ වෙයි. පොල් වූ කලී, අක්කර දස ලක්ෂයක පමණ වපසරියකින් යුතු භූමි ප්‍රදේශයක පැතුරුණු, රටේ ප්‍රධානත ම වගා තුනෙන් එකක් වන අතර, ප්‍රධානත ම ආහාර භෝගය වන සහල්වලට දෙවැනි වෙයි. ආසියාවේ හා ශාන්තිකර කලාපයේ, පොල් වගා කරන වෙනත් බොහෝ රටවලට සමානව, පොල් යනු ශ්‍රී ලාංකිකයන්ට විවිධ සේවාවන් රැසක් ම සපයන බහුකාර්ය හා අතිශයින් ප්‍රයෝජනවත් භෝගයකි. එසේම, ශ්‍රී ලාංකිකයින්ගේ ජීවනෝපාය රැකදෙන ප්‍රධානත ම භෝගය වන අතර, අතිශයින්ම වැදගත් අපනයන බෝගයක් ද වෙයි. මෙම භෝගයේ සමස්ත වැදගත්කම නිසා, පොල් වගා අංශය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ඵලදායී ප්‍රතිපත්ති හඳුන්වා දී ඇති බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පොල් නිෂ්පාදන ක්ෂේත්‍රය නගාසිටුවීමේ උපායමාර්ග ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පොල් අංශයේ විභවතාවන් හා ගැටලු හඳුනාගැනීම පිණිස පුළුල් විග්‍රහ හා විමර්ශන පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, රට තුළ නිෂ්පාදිත පොල් නිෂ්පාදන මට්ටම දැනට ගෙඩි මිලියන 2900ක් වන බවත් 2017 වනවිට ගෙඩි මිලියන 3600දක්වා වැඩි කිරීම ඉලක්කය වන බවත්ය. මේ සඳහා වයස්ගත වූ ගස් වෙනුවට නැවත සිටුවීම සඳහාත්, පුරප්පාඩු පිරවීම සඳහා අතරින් පතර සිටුවීම සඳහාත් 2011 සිට 2013 දක්වා කාලය තුළ පොල් පැළ මිලියන 19ක් වගාකරුවන් අතර බෙදා දීමට තම අමාත්‍යාංශය මගින් කටයුතු කළ බවයි. නාගරික ජනතාවගේ ගෘහස්ත පරිභෝජනය සඳහා පොල් ලබා ගැනීමට හැකි වන පරිදි, නාගරික පොල් පැළ සිටුවීමේ වැඩසටහන යටතේ නාගරික නිවාස ගෙවතුවල සිටුවීමට කුරු වර්ගයේ පොල් පැළ බෙදාදීම සිදුකෙරේ. එමෙන් ම ඉහළ අස්වැන්නක් හා ලෙඩරෝගවලට ඔරොත්තු දෙන පොල් පැළ බෝ කිරීමටත් කටයුතු යොදා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya