අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 31, 2017

    සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (30) පෙරවරුවේ කඩවත ශී‍්‍ර බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    හදිසියේම එම අවස්ථාවට එක්වූ ජනාධිපතිතුමා කවි කිවිඳියන් සමග සුහද කථා බහක නිරත විය.

    අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අපගේ අභිමානවත් ඉතිහාසය, සංස්කෘතික වටිනාකම් සහ අපේකම් පිළිබඳ ලොවට හඩඟා කියන්නට කවිය ප‍්‍රබල ශක්තියක් වූ බවයි.

    සිංහල සංස්කෘතිය හා බැඳුණු අපගේ වටිනාකම් රැකදීමට කවිය සහ කවියා ඉටුකරන විශිෂ්ට යුග මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා කවිය තුළින් කවියා ඉටුකරන යුග මෙහෙවර තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ජී.එම්. අජිත් කවියා ඇතුළු කවි කිවිඳියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya