මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද සහ අක්ෂි රෝග සැත්කම් සඳහා රජයේ රෝහල්වල පවතින පොරොත්තු ලේඛණය අවම කෙරේ

    දෙසැම්බර් 18, 2017
     
    දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛණය 2018 වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා රජයේ සහ පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 07 කගේ ඡායාරූප විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
     
    එහිදී පෞද්ගලික රෝහල් වල දී සිදු කරන ශල්‍ය කර්මයකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙන අතර පෞද්ගලික රෝහල්වල දී සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා විශේෂිත අයකිරීම් ඇතුලත් ලේඛණයක් සකස් කරන බවත් එම ලේඛණය පරීක්ෂාකර සාධාරණ මිල ගණන් වලට පැමිණීමෙන් පසු ජනවාරි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    මෙම  ලේඛණය ඉදිරි සතිය තුල සකස් කර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් රෝගීන්ට ද පහසුව සැළසෙන බවත් රජයේ රෝහල් වල ද ශල්‍යාගාරවල පස්වරු 4.00 න් පසු ශල්‍යකර්ම සිදු කරන බවත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පොරොත්තු ලේඛණය අවම කර කර ගත හැකි බව සේනාරත්න මහතා සඳහන් කළේය.
     
    මෙහිදී හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට සම්මාන පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.
     
    අමාත්‍යංශයේ සැළසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සතාසිවම් ශ්‍රීධරන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ද සම්මානයක් ලබා දෙන ලදි.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya