අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තේ සම්මාන උළෙල - 2017 ජනපති ප්‍රධානත්වයෙන් ...

    දෙසැම්බර් 09, 2017

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් සපිරීමට සමගාමීව තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ජාතික තේ සම්මාන උළෙල - 2017 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (08) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී පැවැත්විණි.

    හොදම තේ දථ නෙළන්නා, හොදම අමු තේ දථ සපයන්නා, හොදම තේ වත්ත, හොදම තේ කර්මාන්ත ශාලාව, හොදම තේ අපනයනකරු ඇතුථ විවිධ අංශ සදහා සම්මාන 150 ක් මෙහිදී ප්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සම්මාන 25 ක් පිළිගැන්විණි.
    ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ උන්නතිය සදහා තම ජීවිත කාලය තුල සිදුකරන ලද සුවිශේෂ දායකත්වය වෙනුවෙන් එක්වරක් පමණක් පිදෙන උපහාර සම්මාන 04 ක් ද ප්‍රදානය කෙරිණි.
    ජනාධිපතිතුමා වෙත ද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
    නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්තී්‍ර මයන්ත දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ෙජ්.ඒ. රංජිත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya