මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණය පිටුදැකීමට රට තුළ විශාල වැඩසටහනක් සිදු කරනවා

    දෙසැම්බර් 10, 2017

    දුෂණය සහ වංචාව පිටුදැකීම සඳහා මේ රජය රට තුළ විශාල වැඩසටහනක් සිදුකරන බවත් මූල්‍ය වංචා පිටුදැකීම සඳහා මූල්‍ය වංචා විමර්ශන  කොට්ඨාසය ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී , නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් සජීවීව අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (09 මේ බව සඳහන් කළේය.


    මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයේ නඩු 13 ක් මේ වනවිට උසාවියේ විමර්ශනය වන බවත් ගොනු 93ක් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන අතර තවත් ලිපි ගොනු රැසක් වංචා හා දුෂණ කොමිෂන් සභාව ඇතුළු විමර්ශන ආයතන වෙත යොමුකරලා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම විමර්ශන සිදු කිරීම පහසු කාර්යක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි විමර්ශන මීට පෙර සිදු කර නොමැති වීම හේතුවෙන් ඒ සඳහා විශේෂඥ දැනුම ලබාගැනීමට ද සිදු වන අවස්ථා තිබෙන අතර සමහර අවස්ථාවල විදෙස් සහය පැතීමටද සිදු වන බව ද සඳහන් කළේය.

    මානව සම්පතේද හිඟයක් පැවැතිය ද ක්‍ර‍මක්‍ර‍මයෙන් මේ වන විට පරීක්ෂණ විශාල ප්‍ර‍ගතියකට ගෙන තිබෙන බව ද ඒ මහතා පැවසීය.

    ඒ වගේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධින කොමිෂන් සභා  රට තුළ ස්ථාපිත කරලා තිබෙන අතර ඒ අනුව පොලිස් කොමිසමට දේශපාලන බලපෑමෙන් තොරව කටයුතු කිරීමට හැකි බවත් අගමැතිවරයාද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියට යාම රටේ දේශපාලනයේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ අලුත් පිටුවක් හරවා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya