අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවයට නාවොත් රැකියාව නැහැ- ප්‍ර‍වාහන ඇමැති Featured

    දෙසැම්බර් 10, 2017

    දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව  ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    දුම්රිය සේවක නිවාස් අවලංගු කර ඇති බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ වහාම සේවයට වාර්තා කරන ලෙස තමා සියලුම දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ ඊයේ (09) ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    "දුම්රිය සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපති ලේකම්තුමා පැය 5කට අධික කාලයක් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. අමාත්‍යාංශ ලේකම්වරයාත් ඔවුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුණා. එහිදී මේ වෘත්තීය සමිතිවලට සාධාරණ විසඳුම් දී තිබියදී ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින ක්‍ර‍මවේදයකට ගොස් තිබෙනවා."

    "පාසල් දරුවන් විභාගවලට යන්න ඕන. කාර්යාල සේවකයින් රාජකාරිවලට යන්න ඕන. මේ නිසා ඔවුන්ගේත් මහජනතාවගේ යහපත සඳහා තකා රජයක් වශයෙන් පියවර ගන්නට අප සිදු වී තිබෙනවා. ඒ නිසා 1979 අංක 01 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍ර‍කාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු වුණා." යැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා තවදුරටත් පැවසීය.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා මෙහිදී පැවසුවේ දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සති 2ක් ඇතුළත විසඳන බවට පොරොන්දු දී තිබියදීත් දුම්රිය සේවකයින් වැඩවර්ජනය තවදුරටත් කරගෙන යාම බලවත් අසාධාරණයක් බවයි.

    මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය රජය මුද්‍ර‍ණාලය විසින් ඊයේ නිකුත් කොට තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya