අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

    දෙසැම්බර් 09, 2017

     ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව   (08) පස්වරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර මුහුදු ආහාර සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබෙන අතර එය 09 සහ 10 දෙදින පුරා විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත් වේ.

    ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා දෙස් විදෙස් මත්ස්‍ය හා මුහුදු ජීවී ආහාර ප‍්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළේය.

    මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රවර්ධනය වෙනුවෙන් දිගු කලක් කටයුතු කළ නාරා ආයතනයේ නිලධාරින් වෙත සහතික පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya