අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දශක තුනකට පසු චීන ජනාධිපති ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක Featured

    ජූලි 10, 2014
    චීන ජනාධිපති ෂි ජිංපිංග් (xi jinping) මැතිතුමා නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතව ඇති අතර දශක තුනකට ආසන්න කාලයකට පසු චීන ජනාධිපතිවරයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ. 
     
    චීනයේ හිටපු ජනාධිපති ලී ෂියනියන් මැතිතුමා 1986 වසරේදී මෙරට සංචාරයක නිරතවීමෙන් පසු මේ වසරේ දී චීන ජනාධිපති ෂී ජිංපිං මැතිතුමා ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතය.
     
    පසුගියදා චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ නියෝජිතවරයා වන ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය අතරතුර චීනයේ උප අගමැති යෑන් වැන් මැතිතුමා හමු වූ අවස්ථාවේදී එරට රජය මේ බව දැනුම් දී ඇත.
     
    චීනය සහ ශී‍්‍ර ලංකාව අතර පවතින ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරමින් ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ සංචාරයක නිරත වූ අතර චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරයෙන් පසු එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya