ඩෙංගු බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ජනතාව දැනුවත්ව ඒ සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාදීමට අමතරව, සෞඛ්‍ය අංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු ධූමායන කටයුතු පිළිබඳ ව දැනුවත්ව කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය කරුණක් බව ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පෙන්වා දෙයි.
තම නිවස අවට ඩෙංගු ධූමායනය සිදුකරන අවස්ථාවල දී නිවෙස්වල දොර ජනෙල් විවෘත කර එම ධූමායනය නිවසට ඇතුළුවීමට ඉඩප්‍රස්ථා විවර කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කාර්යයකි. මේ පිළිබඳව ඇතුම් පිරිස් තුළ පවතින නොදැනුවත්භාවය හේතුවෙන් සමහර නිවැසියන් ධූමායනය සිදුකරන අවස්ථාවල තම නිවෙස්වල දොර ජනෙල් වසා දැමීමට කටයුතු කරන අවස්ථා නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කර ඇති ඩෙංගු ධූමායනයෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ධුමායනය සිදුකරන අවස්ථාවන්හිදී තම නිවෙස්වල දොර ජනෙල් විවෘත කර එම ධූමායනය නිවෙසට ඇතුළුවීමට අවශ්‍ය පරිසරය සකස්කරන ලෙස ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි.