මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය 06ක් Featured

    ජූලි 25, 2017
    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසී පැවැත්වීමට නියමිත ජාතික පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස මේ මස 29,30යන දිනවලදී  විශේෂ දුම්රිය 06ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව විශේෂ දුම්රියයන් 03ක් 29දා පෙරවරු 5.00ට පිටත්ව පෙරවරු 10.25ට අනුරාධපුරයට ද, පෙරවරු 7.10ට කොළඹින් පිටත්වන දුම්රිය පස්වරු 12.32ට ද, පෙරවරු 7.55ට පිටත්වන දුම්රිය පස්වරු 1.00ට ද අනුරාධපුරය වෙත ගමන් කරනු ඇත. 
     
    එමෙන් ම 30දා අලුයම 1.40ට, පෙරවරු 9.30ට හා පස්වරු 12.30ට අනුරාධපුරින් පිටත්වන දුම්රියයන් පිළිවෙළින් පෙරවරු 6.12ට, පස්වරු 2.30ට සහ පස්වරු 6.10ට කොළඹට ළඟාවනු ඇත.
     
    මීට මඅතර ම යාල්දේවි සීඝ්‍රගාමී දුම්රියට දෙවැනි පන්තියේ එක් මැදිරියක් ද රජරට රැජිණි සීඝ්‍රගාමී දුම්රියට තුන්වැන් පන්තියේ එක් මැදිරියක් ද එක් කොට ඇත.
     
    මෙම දුම්රියයන් ධාවන කෙරෙන්නේ මාතර, ගල්කිස්ස හා කොළඹ කොටුව සිය අනුරාධපුර හා අනුරාධපුරය සිට කොළඹ කොටුව, ගල්කිස්ස හා මාතර දක්වා ධාවනය කෙරෙන සීඝ්‍රගාමී හා නගරාන්තර දුම්රියවලට අමතරවය. 
     
    එමෙන් ම අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි අනගාරික ධර්මපාල විශ්‍රාම ශාලාවන් හි නොමිලේ නවාතැන් පහසුකම් ලබාදීමට ද කටයුතු යොදා ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya