මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දස ලක්ෂයකට සින්නක්කර ඔප්පු ලබාදීම මෙම වසරේදී සිදු කරනවා - ඉඩම් ඇමැති

    ජූලි 23, 2017

    දස ලක්ෂයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන ජාතික වැඩපිළිවෙළ දෙසැම්බර මාසයට පෙර අවසන් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    කථානායක කරු ජයසුරිය මහතාගේ සහ අමාත්‍ය ගයන්ත කරණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍ර‍දාන කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී 170 දෙනෙකු සඳහා මෙම ඉඩම් ඔප්පු ප්‍ර‍දානය කෙරුණු අතර මෙම අවස්ථාවට සමගාමිව මතින් තොර රටක් වෙනුවෙන් දැනුවත් කිරීමේ පුවරුවක් නිරාවරණ කිරීමද සිදුවිය.

    ​මීරිගම ප්‍රදේශයේ මීට පෙර 1249 දෙනෙකු සඳහා ඉඩම් බලපත්‍ර ලබාදී තිබෙන බවත් දෙසැම්බර් 1 වැනිදා වන විට මෙම ප්‍රදේශයේ සියලුම බලපත්‍ර‍ ලබාදීමේ කටයුතු අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    අගෝස්තු මාසයේ 1 වැනි දා සිට ඉඩම් අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් යොදා එම කටයුතු කඩිනම් කරන බවත්  දිවයින පුරා මෙම වැඩපිළිවෙළ වේගවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් සකස් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීරිගම කොට්ඨාසයේ මේ සියලුම බලපත‍්‍රලාභීන්ගේ ඔප්පු දෙසැම්බර් මාසේ අවසන් වීමට පෙර ජනාධිපතිතුමාගේ අත්සන සහිත ඔප්පුව ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    ​"ඉතිං අද තමුන්නාන්සේලාට විශේෂ දිනයක් හැටියට තමයි මතක හිටින්නේ. අවුරුදු ගාණක් තිස්සේ තමුන් භුක්ති විඳපු තමුන් පරිහරණය කරපු ඉඩමට නිලවශයෙන් බලපත‍්‍රයක් ලැබෙන දවස අදයි. මේ ඉඩම් වල සමහරු අවුරුදු ගාණක් පදිංචිවෙලා නැතිනම් බුක්ති විඳලා ඇති. හැබැයි රජයේ ඉඩමක ඒ බුක්තිය විඳත් බලපත‍්‍රයක් කියලා එකක්වත් තමුන්නාසේලා අතේ තිබ්බේ නැහැ. සමහර වෙලාවට ඔබ මේ භූමිය තුළ ඉපදිලත් ඉක්ක අය ඇති. මේ ඉඩම් වල ගවුම් කෑල්ලක් දාගෙන, කලිසම් කොටයක් ඇඳගෙන, සරම් කෑල්ලක් දාගෙන කෙළි සෙල්ලම් කරන්නටත් ඇති. ඒ විතරක් නොවෙයි මේ භූමියේ වැලිකැට සියදහස් වාරයක් මගේ දෙපතුල් වලට පෑගිල ඇති, ඒ වයේ තියෙන ගස් කොළන් වලට, කුරුල්ලන්ට ඔබේ කටහඬ ‌මීරිගම කොට්ඨාසයේ මේ සියලුම බලපත‍්‍රලාභීන්ගේ ඔප්පු ටිකත් හැකිතාක් ඉක්මණින් දෙසැම්බර් මාසේ අවසන් වීමට පෙර ජනාධිපතිතුමාගේ අත්සන සහිත ඔප්පුව තමුන්නාන්සේලා වෙත ලබාදීමේ වගකීම අපි බාරගන්නවා කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට මතක් කරන්න කැමතියි.  ඇහෙන්න ඇති. හැබැයි ඒ මොනවා තිබුනත් නිල වශයෙන් ඉඩමේ අයිතිය තහවුරු කරගන්ට කිව්වත් තිබුනේ නැහැ. මේ බලපත‍්‍ර ලැබීමෙන් අද එය ඉෂ්ට වෙනවා. බලපත‍්‍රයක් නොමැති වීමෙන් නොයෙක් දුක්ගැහැට වලට මුහුණ දීලා ඇති’. දැන් අද ඉදලා බය නැතුව ඒ ඉඩමට නිල වශයෙන් බලයක් ඇති පුද්ගලයෙකු බවට පත්වෙලා.  ඕනෑම කටයුත්තක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. බය නැතුව ගෙයක් හදාගන්න ඒ හදන ගෙදරට විදුලිය ගන්ට නීත්‍යානුකූලවම අයිතිය ලැබෙනවා. ඒ වගේම දරුවෙකු පාසලට ඇතුළත් කරන්ට ගියත්, ඒ ඉඩමේ අයිතිය ඉදිරිපත් කරන්ට පුළුවන්කම ලැබෙනවා. ඔප්පුව ලැබෙනතුරු ඒ සඳහා මේ බලපත‍්‍රය ඉදිරිපත් කරන්නට පුලුවන්. තමන් කැමති දරුවෙකුට පසු අයිතිය ලබාදීමේ හැකියාව මේ බලපත‍්‍රය මඟින් ලැබෙනවා. ඒ වගේම තමන් සාමාජිකත්වය දරන ග‍්‍රාමීය බැංකුව සමෘද්ධි බැංකුව වගේ එකකට මෙය ඇපයට තියලා ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව උදාවෙනවා. ඒ වගේ මේ බලපත‍්‍රය ලැබීම හරහාත් තමුන්නාන්සේලාට සුවිශේෂකාරියක් උදාවෙනවා. තියන එකයි මම දකින්නේ. ඉඩමක් කියන එක මහජනතාවට ඉතාම වැදගත්. මෙය මූලික අවශ්‍යතාවයක්. හැම කෙනාම තමන්ගේ ඉඩම ගැන කතාකරන්නේ ලොකු අභිමානයෙන්. මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, දුව, පුතා කියනවා වගේ මේ මගේ ඉඩම කියලා හැමෝටම අභිමානයෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා ඉඩම කියන එක එන්ට එන්ටම වටිනාකම වැඩි වන එක එකක්. කිසි දිනක ඉඩමක වටිනාකම වැඩිවනවා මිසක් පහළට වැටෙන්නේ නෑ."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya