නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කෙරේ Featured

    ජූලි 18, 2017
    දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය (2016 අංක 01 දරන) පැනවීමට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කටයුතු කර ඇත.
     
    මෙම රෙගුලාසිය අනුව කිසිම තැනැත්තෙකු විසින් උපලේඛනවල සඳහන් කර ඇති දුම්කොළ නිෂ්පාදනයක් හෝ දුම්කොළ අඩංගු දුම්රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක් හෝ යම් පැණිරස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුය.
     
    මෙම පනතේ විධිවිධාන අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරු, සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලයලත් නිලධාරීන් වශයෙන් කටයුතු කෙරේ.
     
    දුම්රහිත දුම්කොළ නිෂ්පාදන බොහොමයක් දුම්කොළ හා පුවක් අඩංගු වේ. මෙම ද්‍රව්‍යයන් දෙකම පළමුවන කාණ්ඩයේ පිළිකා කරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වර්ගීකරණය කර ඇත.
     
    පිළිකා පිළිබඳ ජාතික ලේඛන අනුව ලියාපදිංචි වී ඇතුළු මුළු පිළිකා රෝගීන්ගෙන් 14.3%ක් මුඛ පිළිකාවන් වන අතර  වාර්ෂික ව මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් ද, ඒ අනුව දිනකට මරණ 03කට වඩා වැඩි සංඛ්‍යාවක් ද සිදුවන බවට ගණන් බලා ඇත. මුඛ පිළිකා රෝගීන් 2400කට ආසන්න සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝහල්වලින් වාර්තා වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya