අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

    ජූලි 18, 2017
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතාගේ උපදෙස් පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උදෙසා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම උදෙසා ස්ථාපිත කරන ලද යුනෙස්කෝ සහයෝගිතා කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන දෙවැනි වැඩමුළුව ඊයේ (17) සිට 20දා දක්වා වැල්ලවත්ත මිරාජ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක අවස්ථාව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විණි.
     
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ යුනෙස්කෝ කණ්ඩායමේ ප්‍රධානී Jonghwi Park මහත්මිය ඇතුළු කණ්ඩායම, ප්‍රධාන මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර, ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) කේ.එච්.එම්.බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නිලධාරීන් සහ සියලු ම කමිටු නියෝජනය කරමින් විශ්වවිද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජිතයින් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් පළාත් හා කලාප මට්ටමින් කටයුතු කරනු ලබන නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ තොරතුරු තාක්ෂණ ගුරු භවතුන් නියෝජනය කරමින් කණ්ඩායමක් මේ සඳහා සහභාගි වූහ.
     
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට අදාළ ව මූලික තොරතුරු සාකච්ඡා කිරීම උදෙසා කණ්ඩායම් ක්‍රියාකාරකම්, එතෙර රටවල දැණුම හා අත්දැකීම් හුවමාරු කිරීම ආදී ක්‍රියාකාරකම් රාශියක් මෙම දින 4 තුළ සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර ඒ මගින් මූලික දත්ත හා තොරතුරු ඒකරාශී කිරීම මෙම සිව් දින වැඩමුළුවේ මූලික පරමාර්ථය වශයෙන් හැදින්විය හැකි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya