අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් Featured

    ජනවාරි 11, 2017
    2017 වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් හමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 
     
    ඩෙංගු රෝගයට ගොදුරුව මියගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු ගත වූ දින 10 තුළ වාර්තා වී නොමැත. 
     
    2016  වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව  ක්‍රීයාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් සමස්ත වාර්තාවට අනුව පරික්ෂාවට ලක් කර ඇති මුළු පරිශ්‍ර සංඛ්‍යාව 2,298,003 කි. මෙහිදී ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 40,287 ක් ද, මදුරු කීටයින් බෝවිය හැකි පරිශ්‍ර 452,934 සොයා ගෙන ඇත. එහිදී පරිශ්‍ර 315,252 ක් නිවැරදි කිරීමටත්, 97,592 කට නොතීසි නිකුත් කිරීමටත්, 12,940 කට නඩු පැවැරිමටත් කටයුතු කර ඇත. 
     
    මෙහිදී වර්ෂය පුරාවට නිවාස 2,153,218ක් ද, පාසල් 9,301ක් ද, රාජ්‍ය ආයතන 13,902ක් ද, පෞද්ගලික ආයතන 62,777ක් ද, කර්මාන්ත ශාලා 6,442ක් ද, වැඩබිම් 12,920ක් ද පරීක්ෂාවට ලක් කර ඇත. මෙහිදී වැඩිම මදුරු කීටයන් හමුව ඇත්තේ නිවාස ආශ්‍රිත පරිශ්‍රවලින් වන අතර එය 35,097ක් වෙයි. පාසල් 667ක ඩෙංගු මදුරු කීටයින් සොයාගෙන ඇති අතර, පාසල් 81කට සහ පෞද්ගලික ආයතන 713කට ද නඩු පැවැරීමට කටයුතු කර ඇත. 
     
    තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද ඩෙංගුවලින් තොර පාසල් සහ අධ්‍යාපන ආයතන පරිශ්‍රයක් පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් සියලු ම විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. 
     
    2017 වසරේ දී තවදුරටත් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දෙන ලදි. පසුගිය වසරේ මදුරුවන් බෝවන ස්ථානවලින් 22 ක් පාසල් පද්ධතියෙන් සොයාගැනීම නිසා පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. අවදානමක් පවතින දිස්ත්‍රික්ක අධික්ෂණය කර ධූමායන කටයුතු සිදු කිරීමට ද සැළසුම් කර ඇත. ඩෙංගු මදුරු පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට ක්‍රියාත්මක කරන නීති  රීති වෙනස් කිරිමට ද දඩ මුදල් සංශෝධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya