පිළිතුරුපත්‍ර ඇගයීම සඳහා 62,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදා ඇති අතර පිළිතුරුපත් ඇගයීම අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය.
ඒ අනුව පළමු අදියර යටතේ පිළිතුරුපත්‍ර ඇගයීමේ කටයුතු නගර 55ක පිහිටි පාසල් 87කදී පැවැත් වේ. එහිදී පළමු අදියරයේ ඇගයීම් කටයුතු සඳහා 2017.01.02 සිට 13 වැනි දක්වා සිදු කෙරෙන අතර ඒ සඳහා සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් සංඛ්‍යාව 68ක් වේ.
පාසල් පවත්වන අතරතුරු වසා තැබෙන පාසල් සංඛ්‍යාව 19කි. පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් ලබන ජනවාරී 02 වැනි දින ආරම්භ නොවන අතර එම පාසල් ලබන 16 වැනි දින නැවත ආරම්භ වේ.