මෙම ප්‍රතිසංස්කරණය කටයුතු තුළ දැනට ධාවනපථයේ පවතින ඉරිතැලීම් ,කඩතොලු තත්වයන් අළුත්වැඩියා කොට ගුවන්යානා ගොඩබැස්සවීමේදි හා ගුවන්ගත කිරීමේදි භාවිතා වන ධාවණ පථයේ ඝර්ෂණ මට්ටම වැඩි දියුණු කිරිම සදහා ආස්තරණය කිරිමක් සිදු කරනු ලබයි. ඒ අනුව මෙම සංවර්ධන කටයුතු සිදු කිරිමේදි කාලගුණික තත්වයන් හා සිවිල් ඉංජිනේරු අවශ්‍යතා පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින්ද, ගුවන්තොටුපල භාවිතා කරන ගුවන් සමාගම් සමග සාකච්ඡා කොට ගුවන්තොටුපල වසා දමන කාල පරිච්ඡේදය තීරණය කර ඇත. එමෙන්ම ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවයන් හා ගුවන් ගමන් වාරවල තිබෙන තදබදය අවම කරමින් පැය 08ක කාලසීමාවක් ගුවන්තොටුපල වසා දැමීමට තිරණය කල බව ගුවන්තොටුපල බලධාරින් අවධාරණය කරයි. දැනට දිනකට ගුවන්වාර 175 පමණ සිදු කරනු ලබන අතර බොහෝ වාණිජ ගුවන්තොටුපල මෙහෙයුම් කාලය ගුවන්තොටුපල විවෘතව තබන කාලය වන පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ගැනෙන සේ සකස් කොට තිබේ.
ශ්‍රි ලංකා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම මෙසේ ගුවන් තොටුපල වසාදැමීම හේතුවෙන් එය භාවිත කරන්නන් හට සිදුවවන බලපෑම අවම කිරිම සදහා සියළු පියවර ගෙන ඇති අතර ගුවන්තොටුපල පරික්ෂා කිරිමේ කවුළුව ගුවන් ගමන් සදහා සැලසුම් කල කාලයට පැයකට පෙර වසා තැබීමේ ක්‍රමවේදය දැඩිලෙස ක්‍රියාත්මක කරන බැවින් ,පැය 05කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන ලෙස ගුවන් මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි. එමෙන්ම ගුවන් මගින් සමග පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව හැකිතාක් අඩුකරන ලෙසද ඉල්ලා සිටි.
ගුවන් ගමන් කාලසටහනෙහි සිදු කරන සංශෝධන අනුව ගුවන් සමාගම් ස්වකීය මගීන් යාවත්කාලීන කරනු ඇත. ගුවන්තොටුපල වසා තබන කාලය තුල සැලසුම් කර තිබු ගුවන් ගමන් සදහා දැනටමත් ප්‍රවේශපත්‍ර ලබාගෙන ඇති මගීන් වෙත වෙනස් කල වේලාවන් හා මාර්ග පිළිබද වැඩි විස්තර ලබා ගැනීම සදහා ස්වකීය ගමන් නියෝජිතයන් හා ළගම ඇති ගුවන් සේවා ප්‍රවේශපත්‍ර කාර්යාලවලින් විමසන ලෙස අවවාද කරනු ලැබේ.
බලාපොරොත්තු විරහිත වාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සදහා ගුවන්තොටුල වෙත කල්වේලා ඇතිව පැමිණෙන ලෙස සියළු ගුවන් තොටුපල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඉහත සදහන් කාලසීමාවේදි ගුවන්තොටුපල අසල හා ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රි ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනු ඇත. සියලු වාහන නියම කොට ඇති ගුවන්තොටුපල වාහන නැවතුම් අංගනවල නතර කළ යුතු අතර රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වෙනත් ස්ථාවල වාහන නතර කිරිමෙන් වළකින ලෙස රියදුරන් හට දැඩිව අවවාද කරනු ලැබේ.
ඇති විය හැකි අපහසුතා මගහරවාගනු පිණිස විදේශ රැකියා සදහා පිටත්වන ශ්‍රි ලංකිකයන් හට ගුවන්තොටුපලට පැමිණිමට පෙර ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ හෝ දිවයින පුරා පිහිටා ඇති එහි ශාඛාවල ලියාපදංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මෙය 2016 නොවැම්බර් 01 සිට එබදු විදේශගත වන මගින් සදහා අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර, ගුවන්තොටුපල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයේදි සිදු කරන්නේ ලියකියවිලි පරික්ෂා කිරිම පමණි.
AP