හදිසි අනතුරුවලින් වසරකට 25,000ක් මිය යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලබන වසරේ සිට මාර්ග භාවිත නීතිරීති පද්ධතිය තදින් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප‍්‍රතිකාර පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය ඊයේ (09) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ "නුග සෙවණ" ශලාවේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා පැවසීය.
ශ‍්‍රී ලංකාවේ පවතින වාහන තදබදය නිසා රෝගීන් කඩිනමින් රෝහල්වලට රැගෙනඒමට ඇති එකම විසඳුම ගුවන් මගින් අනතුරුවලට ලක්වන රෝගීන් ගෙනඒමයි. රෝගියෙකුගේ ස්වර්ණමය පැය තුළ රෝගියා රෝහල්වලට ඇතුළත් කළ යුතු බවත් හදිසි අනතුරුවලින් පීඩා විදින ජනතාවට එය පිටිවහලක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.