මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අද

    ජූනි 17, 2014

    ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය අද(17)ට යෙදී ඇත.


    "පරිසර පද්ධති මූලික කර ගත් අනුගතවීම" මෙවර ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දින තේමාව වන අතර "දේශගුණික සාධක භූමියේ ඉදිරි පැවැත්ම තහවුරු කරයි" යන්න උද්ධෘත පාඨය වේ.


    ශ්‍රී ලංකාවේ භූමි හායනය වැළැක්වීම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ජාතික ක්‍රියාකාරී වැඩසටහනක් සැලසුම් කර තිබේ. මේ ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරකම් වසර 2015 සිට 2024 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී සහභාගි වන ආයතනවලට පැවරී තිබෙන වගකීම හඳුනාගැනීමට හා නිශ්චිත කාල වකවානුව තුළදී ක්‍රියාවට නැංවීමට නියමිතය.


    මෙවර ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය සැමරීම නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූලි 07 වෙනි දින පරිසර අමාත්‍යාංශය සංවිධානය කර ඇත. ඒ මඟින් අදාළ සැලැස්ම පිළිබඳ ව සියලුම රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ප්‍රජාව මෙන්ම ප්‍රජා සංවිධාන ද දැනුවත් කරනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya