අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශිෂ්‍යත්වයට ප්‍රශ්නෝත්තර කෘතියක් හඳුන්වා දෙයි Featured

    ජූනි 17, 2014
    2014 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීම සඳහා වන ආදර්ශ ප්‍රශ්නපත්‍ර ඇතුළත් සංයුක්ත තැටි බෙදාදීම ඊයේ (16) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
     
    මෙම සම්මන්ත්‍රණ මාලාව ලබන 30 සිට ජූලි 05 දින දක්වා පැවැත්වීමට නියමිතය. ප්‍රධාන විෂයයන් 10ක් සඳහා මෙම සංයුක්ත තැටි ලබාදුන් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මෙම සංයුක්ත තැටිවල ආදර්ශ ප්‍රශ්නපත්‍ර ලබා දුන් පසු කලාප හා පාසල්වල විදුහල්පතිවරුන් මඟින් අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබේ.
     
     5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 2003 සිට 2013 වර්ෂය සඳහා ප්‍රශ්නෝත්තර කෘතියක් හඳුන්වාදීමත් අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු විය. රුපියල් 140ක් වැනි ඉතාම සහන මිලකට මෙම ප්‍රශ්නෝත්තර කෘතිය සිසුන්ට ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව රජයේ ප්‍රකාශන නියමිත මිලට වඩා 15%ක් අඩුවෙන් මෙම ප්‍රශ්නෝත්තර කෘතිය මුද්‍රණය කිරීමට හැකිවීම හේතුවෙන් මේ සඳහා සහන මිලක් ලබාදීමට කටයුතු කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දෙමළ මාධ්‍යයෙන් ද මෙම කෘතිය මුද්‍රණය කර තිබෙන අතර මෙම කෘතිය තොග වශයෙන් පාසල්වලට ලබා ගැනීමේදී මීට වඩා අඩු මිලට ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරු එක් වූහ. 
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya