අද (07) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා ගාල්ලට වැසි වාර කිහිපයක් ද රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැක.
මඩකළපුවට අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
HC