අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර ප්‍රධාන වැව් 8කට හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන්

    ජූනි 06, 2014

    පොසොන් උත්සව සමයේදී අනුරාධපුර පූජා භූමි වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන වැව් අටකට යුද්ධ හමුදාවේ ජීවිත ආරක්ෂක නිලධාරින් යොදවා තිබේ.


    ඒ අනුව ලබන 9 වැනිදා සිට 15 වැනිදා දක්වා යුද්ධ හමුදාවේ ජීවිත ආරක්ෂක නිලධාරී කණ්ඩායම් 16ක් මෙසේ සේවයේ යොදවා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කීය. මෙම ප්‍රධාන වැව්වල දිය නෑමට යෑමේදී අනතුරුදායක ස්ථාන නම් කර ඇත. එම ස්ථානවලට බැසීමෙන් වළකින ලෙසත් තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසත් හමුදාව හා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


    ඒ අතර අනුරාධපුර ප්‍රදේශය පුරා පොලිසියේ විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක වන අතර, රථවාහන පොලිසිය අනුරාධපුරය වෙත එන සෑම ප්‍රධාන මාර්ගයකටම යෙදවීමට පියවර ගෙන තිබේ.


    මෙහිදී අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරමින් මහජන ජීවිත ආරක්ෂාව පිළිබඳ නොසලකන රියැදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.


    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya