අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් ආපදාවලට ලක් වූ අයට ත්‍රිවිධ හමුදා සහය Featured

    ජූනි 05, 2014

    පසුගිය දින කීපය මුළුල්ලේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයාම් හා මාර්ග අවහිරවීම් වැනි අවස්ථාවලදී ආපදාවට පත්වූ ජනතාව බේරා ගැනීම සඳහා හා ඔවුනට අවශ්‍ය සහන සැලසීම සදහා යුද හමුදාවෙන් ඒ සඳහා පුහුණුව ලත් 200 ගෙන් පමණ යුත් භට පිරිසක් යෙද වූ බවත් මෙම පිරිස යොදවනු ලැබුවේ ඒ ඒ ප්‍රදේශයන්හි ස්ථානගතව ඇති යුද හමුදා අනු ඛණ්ඩවලට අමතරව බවත් අද (05) කොළඹ, මාධ්‍ය කේන්ද්‍රයේදි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.


    මෙහිදි මෙම භට පිරිස් විසින් කළුතර, ගම්පහ, රත්නපුර හා කොළඹ යන දිස්ත්‍රික්කයන්හි ගංවතුරට හසුව සිටි පුද්ගලයින් හා සතුන් රාශියක්ම බේරා ගනු ලැබූ බවත් මෙම තත්ත්වය හේතුවෙන් මරණයට පත්වූ ඇතැම් පුද්ගලයින්ගේ සිරුරු සොයා ඔවුන්ගේ ඥාතීනට භාරදුන් බවත් ජලය බැසයාම අවහිර වී තිබූ සමහර ස්ථාන ශුද්ධ පවිත්‍ර කර ඉක්මනින් ජලය බැසයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් පැවසීය.


    මෙහිදී නාවික හමුදාව විසින් සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳ විස්තර කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා නාවික හමුදාව සතුව කුඩා යාත්‍රා විශාල සංඛ්‍යාවක් තිබෙන බවත් යුද්ධයෙන් පසුව රටේ ඇති විය හැකි මෙවැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නාවික භට පිරිස් යොදා 2011 වසරේදී ක්ෂණික මුදවා ගැනීමේ බල ඝනයක් ස්ථාපනය කරන ලද බවද පවසා සිටි අතර මේ සඳහා 200ක පමණ පිරිසක් පුහුණු කරනු ලැබූ බවද පවසා සිටියේය.


    එහි දෙවන බල ඝනය පසුගිය වසරේදී කළුතර ප්‍රදේශයේ ස්ථාපනය කළ බව පැවසූ වර්ණකුලසූරිය මහතා එය මෙවර ආපදා අවස්ථාවේදී පුද්ගල ජීවිත හා දේපල බේරා ගැනීම සදහා සුවිශේෂී දායකත්වයක් සැපයූ බවද අනාවරණය කර සිටියේය. ඒ අනුව මෙම ආපදා තත්ත්වය ඇති වූ දින පටන් අද වන විට පුද්ගලයන් 404 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවත් තවත් 214 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා ගෙනයාමට මෙම භට පිරිස්වලට හැකිවූ බවද වැඩිදුරටත් පැවසීය.


    ගුවන් හමුදාව විසින් බෙල් 412 වර්ගයේ ගුවන් යානයක් හා එම්.අයි. 24 වර්ගයේ ගුවන් යානයක් සහන කටයුතු සඳහා යෙදවූ බව පැවසූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා ඒ මගින් ආපදාවට ලක්වූවන් බේරා ගැනීම සඳහා අවශ්‍ය බෝට්ටු හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලැබූ බවත් එසේම අවතැන්වී සිටියවුනට අවශ්‍ය කෑම හා පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන ලද බවත් පවසා සිටියේය. එසේම මේ වන විටත් ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා එක් ගුවන් යානයක් සුදානම් ව තිබෙන බවද සෙනවිරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

     

    Combined effort of Tri Forces in flood relief

    Combined effort of Tri Forces in flood relief 2
    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya