මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිසු සිසුවියන් පොසොන් පොත් දන්සැලට පොත් පරිත්‍යාග කිරීම අරඹයි

    ජූනි 04, 2014

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍මෙහෙයවීමෙන් ලබන පොසොන් පොහොය දින (12) හා පසු දින (13) මිහින්තලේ පහළ මළුවේ පැවැත්වෙන පොත් දන්සැලට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන්ගේ පොත් පරිත්‍යාගයන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙත භාරදීම අද (04) එම පාසල්වලදී සිදු කෙරිණි.

     

    කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ ඉසිපතන, මිලාගිරිය කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, කොළඹ විශාඛා බාලිකා විද්‍යාය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය. කොළඹ නාලන්ද මහා විද්‍යාලය හා කොළඹ ආනන්ද මහා විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියෝ මෙම පොත් පරිත්‍යාගයන් සිදු කළහ.


    දරුවන් තමන් එක්වරක් පාවිච්චි කළ අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය පොත් යනාදීය කිසිදු අයකිරීමකින් තොරව මිහින්තලයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙත ලබාදීම මෙම පොත් දන්සලේ අරමුණ බව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන්ගේ පොත් පරිත්‍යාගයන් ලබා ගනිමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙහිදී පැවසීය.


    දරුවන් තුළ යමක් අත්හැරීමේ හා යමක් දීමේ උතුම් පුරුද්ද ඇති කිරීම සඳහා සෑම වර්ෂයකම අඛණ්ඩව මෙම පොසොන් පොත් දන්සැල පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර දැනට තමන් භාවිත නොකර පොත් දැනුම දානය ලෙස ලබාදීමට අවස්ථාව තිබෙන බව සඳහන් කළේය. එසේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ද මෙම පොත් ලබාගැනීමට අවස්ථාවක් ලැබීම දෙමාපියන්ට ද සහනයක් වන බවත් මහින්දාගමනයෙන් පසු මහින්දෝදය ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම පොත් දන්සැල ද පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    HC/NDH/kpm

    poth dansela mihinthalaya 1

    poth dansela mihinthalaya 2

    poth dansela mihinthalaya 3

    poth dansela mihinthalaya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya