අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ජාත්‍යන්තර සැසිවාරය හෙට

    මැයි 31, 2014

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ( IOTC-Indian Ocean Tuna Commission)18 වැනි ජාත්‍යන්තර සැසිවාරය හෙට (01)දා සිට 05 දක්වා කොළඹදී පැවැත්වේ.

     

    මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවන වාරය මෙය වේ. මීට පෙර මෙම සැසිවාරය පළමුවරට 2011 දී පැවැත්වුණි.

     

    ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ( IOTC-Indian Ocean Tuna Commission) 18 වැනි ජාත්‍යන්තර සැසිවාරයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වේ. මෙහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගි වේ.

     

    ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වැනි වගන්තිය යටතේ 1993 දී පිහිටුවන ලද්දකි. මෙම සංවිධානය මඟින් සිදු කෙරෙනුයේ ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්‍ෂා කිරීමය. මෙම සැසිවාරය සඳහා සාමාජික රටවල් 31ක විදේශීය නියෝජිතයින් 250ක් පමණ සහභාගි වීමට නියමිතය.

     

    ඉන්දියානු සාගරය ආශ‍්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන  ඕස්ටේ‍්‍රලියාවබෙලීස්චීනයකොමොරොස්,එරිත‍්‍රියායුරෝපීය ප‍්‍රජාවප‍්‍රංශයගුනීයාවඉන්දියාව,ඉන්දුනිසියාවඉරානයජපානයකෙන්යාවකොරියාව මැඩගස්කරයමැලේසියාවමාලදිවයිනමොරිසස්,මොසැම්බික්,  ඕමානයපකිස්ථානයපිලිපීනය,සීෂෙල්ස්සියොරා ලියොන්සුඩානයශ‍්‍රී ලංකාව,ටැන්සානියාවතායිලන්තයඑක්සත් රාජධානියවනුඅටු සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයින් වන අතර ෂෙනගල්දකුණු අප‍්‍රිකාවසහ උරුගුවේ රාජ්‍යයන්ට ද මෙහි ඡන්ද බලය හිමිව පවතී.

     

    ඉන්දියානු සාගර ටුනා කොමිසමේ උපදේශක කමිටුවේ උප සභාපති ධුරයද දරණ ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි. ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ ප‍්‍රගතිදායක තත්ත්වය නිසාම දෙවන වරටත් එහි ජාත්‍යන්තර සැසිවාරය පැවැත්වීමට ශ‍්‍රී ලංකාව තොරාගෙන තිබේ.

     

    70 දශකයේ සිට කාර්මික ධීවර යාත‍්‍රා කටයුතු වල සීඝ‍්‍ර සංවර්ධනයක් ඇතිවිය. මේ නිසා ටූනා මත්ස්‍ය සම්පත් වෙත විශාල පීඩනයක් ඇති වූ අතර මත්ස්‍ය තොග විද්‍යානුකූලව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මේ නිසා පැන නැගුණි. මේ නිසා ඉන්දියානු සාගර මත්ස්‍ය සම්පත් කළමනාකරණය සඳහා විද්‍යාත්මක පදනමක් සකස් කිරීමට 1982 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP- United Nations Development Programme) යටතේ ක‍්‍රියාත්මක වු ඉන්දියානු ශාන්තිකර කලාපීය ටූනා ප‍්‍රධාන ව්‍යාපෘතිය IPTP-Indo-Pacific Tuna Capital Project කොළඹ දී වැඩ කටයුතු අරඹනු ලැබීය. UNDP –IPTP ව්‍යාපෘතියේ කටයුතු වර්ෂ1990 දක්වා දීර්ඝ කරනු ලැබූ අතර මෙහි ව්‍යාපෘති කාර්යාලය මෝදර මට්ටක්කුලියේ නාරා ආයතනයේ සිට ක‍්‍රියාත්මක කෙරුණි. ඉන් පසුව 1989 ඉන්දියානු සාගර ටූනා කොමිසම (IOTC-Indian Ocean Tuna Commission)  ස්ථාපිත කිරීමේ ගිවිසුමේ පිටපතක් පළමු සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පසුව වර්ෂ 1993ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 105 වැනි සමුළුවේදී FAO ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය යටතේIOTC  ආයතනය නිල වශයෙන් ස්ථාපිත කරනු ලැබීය. පසුව එහි මූලස්ථානය 1996 දී FAO ව්‍යාපෘතියක් ලෙස සීෂෙල්ස්හීදී පිහිටුවන ලදි.

     

    මෙහි සමස්ත සාමාජික රාජ්‍යයන් සංඛ්‍යාව 31 කි. ඉන්දියානු සාගර ටූනා කොමිසම සහ අපේ රට අතර පැවති සබඳතාවය කලක් දුරස්තවී තිබුණත් ධීවර අමාත්‍ය ධූරයට පත් වූ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2010 දී බි‍්‍රස්බෙන් නුවර පැවති වාර්ෂික IOTC  සමුළුවේදී  කරන ලද කතාවත් සමඟ යළිත් ශ‍්‍රී ලංකාව සක‍්‍රිය සාමාජිකයෙකු බවට පත් විය. මේ නිසා අපේ රටට එදා පැවති අවාසි සහගත තත්ත්වය දුරු කරලීමට හැකි විය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya