මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ සියලු ම රෝහල්වලට අවශ්‍ය පහසුකම් Featured

    මැයි 31, 2014
    ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ සියලු ම රෝහල්වලට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
     
    ඖෂධ, උපකරණ, දැඩිසත්කාර ඒකක, විශේෂඥ වෛද්‍යවරු මේ අතර වේ.රෝහල් වාට්ටුවලදී ක්ෂණික රුධිර පරීක්ෂණ සිදු කෙරේ. මේ හේතුවෙන් රෝගීන්ට අධික මුදලක් වැය කරමින් රුධිර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා පෞද්ගලික රෝහල් වෙත යාමට අවශ්‍ය නොවේ.
     
    වැරදි මානව ක්‍රියාකාරකම් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. මදුරු ඝනත්වය අඩුකරලීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත යුතු වේ. 
     
    ඩෙංගු මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පණ්ඩිත තිසේරා මහතා පවසන්නේ සෑම වසරකම ඩෙංගු රෝගීන් 25,000ක් 35,000ක් අතර ප්‍රමාණයක් හමුවන බවයි. මේ වසරේ මුල් මාස හතර ඇතුළත රෝගීන් 10,000ක් හමුවී ඇත. මින් 60%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත. වර්ෂාව වැඩි කාලවලදී ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබේ. වර්ෂාව නොමැති කාලවලදී රෝගය බෝවීම සිදුවේ. එමගින් ජනතාව දැනුවත් කිරිම නිරන්තරයෙන් සිදු කෙරේ. ඉර නැගෙන විටදීත් බැස යන විටදීත් මදුරුවා සක්‍රීය වී දෂ්ඨ කරයි. අපිරිසිදු ස්ථානවලදී මෙන්ම පිරිසිදු ස්ථානවලදී ද මදුරුවන් බෝ වීම සිදුවේ. දින දෙකකට වඩා උණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
     
    ECB
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya