අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

    මැයි 29, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් පත්කරන ලද වෛද්‍ය නිහාල් ජයතිලක මහතා අමාතාංශයට පැමිණ සිය ධුරයේ කටයුතු අද (29) පස්වරුවේදී භාරගනු ලැබීය.


    වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දශකයකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් සේවය කළ අතර 2010 පළාත් පාලන සහ පළාත් සභා අමාතාංශයේ ලේකම් ධූරයට පත්විය. අනතුරුව 2012 වසරේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාතාංශයේ ලේකම් ධූරයේ කටයුතු කළේය.


    පුරප්පාඩු වූ සෞඛ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් තනතුර සඳහා වැවිලි අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය පත්කර තිබේ.


    මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍යයේ ලේකම් ආචාර්ය විලී ගමගේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන හේමා ධර්මවර්ධන, ශාන්ත බණ්ඩාර සහ ප්‍රියන්ත මායාදුන්නේ ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ.


    HC/DW_med

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya