අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ළමා හා කාන්තා අයිතිවාසිකම් සුරැකීමට නව වැඩසටහනක් Featured

    මැයි 29, 2014

    ආරක්ෂක අංශවල සහය ඇතිව උතුරු පළාත තුළ ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තවදුරටත් පුළුල් කිරීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කරයි.


    ඒ අනුව මේ පිළිබඳව උතුරු පළාත තුළ සේවය කරන ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් දැනුවත්  කිරීමේ වැඩමුළුවක් ඊයේ (28) දවස පුරා කිලිනොච්චිය, ඉරණමඩු "නෙළුම් පියස" ශ්‍රවණාගාරයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ උපදෙස් මත ජාතික කාන්තා කමිටුව මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා කිලිනොච්චිය හා යාපනය ඇතුළු උතුරු පළාතේ සේවය කරන ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීන් හා නිලධාරිනියන් දෙසීයකට (200) අධික පිරිසක් සහභාගී වූහ.

    මේ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් දරුවන්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව ද මෙහි දී අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී. යුද්ධය නිමවීමෙන් පසු රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම උතුරු පළාත තුළ සිදුකෙරෙන සංවර්ධන කටයුතු වලදී ආරක්ෂක අංශ මගින් සුවිශාල කාර්යභාරයක් සිදුකෙරෙන අතර, ඒ හරහා ඔවුන් සිවිල් ජනතාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කරනු ලබයි.මේ අනුව එම ආරක්ෂක අංශ සාමාජිකයින් මගින් ළමා හා කාන්තා අයිතීන් හා එම අයිතීන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව උතුරේ ජනතාව දැනුවත් කිරීම වඩාත් පහසු වී තිබේ.

    පුද්ගලයින්ගේ නොදැනුවත්භාවය මත සිදුවන ළමා හා කාන්තා අයිතීන් කඩවීම වැළැක්වීම මෙම නව වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උදාර නායකත්වය යටතේ තම ජීවිත පරදුවට තබා රටට සාමය ලබාදීමට කටයුතු කළ වීරෝදාර රණ විරුවන් අද කිසිදු ජාති ආගම් භේදයකින් තොරව උතුර සංවර්ධනය කිරීමටත් මූලික වී කටයුතු කරන බව මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා "තිස් අවුරුදු යුද්ධය නිසා උතුරේ වටිනා සංස්කෘතියටත් බලපෑම් ඇති වුණා. එම තත්ත්වයන් යථා තත්ත්වයට පත් කරමින් ආරක්ෂක අංශවල සහය ඇතිව සිදුකෙරෙන සංවර්ධන කටයුතුවලටත් උතුරේ ඇතැම් දේශපාලඥයන් අකමැතියි. ඇතැම් පිරිස් මේ නිසාම ආරක්ෂක අංශ සමඟ වෛර බැඳ තිබෙනවා.



    නමුත් උතුරේ බහුතර ජනතාව අවබෝධ කරගෙන සිටිනවා ඔවුන්ට අවංකව උදව් උපකාර කරන්නේ කවුද? විවිධ අසත්‍ය  ප්‍රචාරය කරමින් දේශපාලන වාසි ලබාගන්න උත්සහ කරන්නේ කවුද? කියා.මීට වසර පහකට පෙර වෛරයෙන් සිටි උතුරේ ඇතැම් පිරිස් අද සත්‍ය වටහාගෙන තිබීම රටේ වාසනාවක්.

    යුද්ධය නිමවීමත් සමඟ දකුණටත් වඩා උතුරු, නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට රජය කටයුතු කළා. ඒ ප්‍රතිලාභ ලබන ජනතාව රවටන්න කිසිවෙකුට ඉඩක් නැහැ. එදා උතුරේ දරුවන්ගේ කටේ කිරි සුවඳ යන්න කලින් ගිනි අවිය අතට දුන් ත්‍රස්තවාදීන්ගේ සුළු අනුගාමිකයන් පිරිසක් මේ රටට ඇති කීර්තිය විනාශ කිරීමට නිරන්තර උත්සහයක යෙදී සිටිනවා.

    අප අමාත්‍යාංශය මගින් ආරම්භ කරන බොහෝ ව්‍යාපෘති මුලින්ම ක්‍රියාත්මක කළේ උතුරු නැගෙනහිර මූලික කරගෙනයි. ඒ යටතේ උතුරේ අහිංසක දරුවන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාවට හා රැකවරණයට කෙටි කාලීන හා දිගුකාලීන වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබෙනවා. මේ සියලු ම කටයුතු පිළිබඳ අපක්ෂපාතීව නීරීක්ෂණය කරන ඕනෑම පුද්ගලයෙකුට වටහා ගතහැකියි අප වගකිව යුතු රජයක් ලෙස උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකර ඇති සේවාවන් පිළිබඳව.”
     

    කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍ර කුමාර්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ජාතික කාන්තා කමිටුවේ සභාපති ආචාර්ය නීලා ගුණසේකර යන මහත්ම මහත්මීන් ද මෙහි දී අදහස් දැක්වූ අතර, ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික බාලචන්ද්‍ර මහතා මෙන්ම සමාජසේවා අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී එම්.එෆ්.එම්. අෂාර් මහතා ද විශේෂ දේශන පැවැත්වීය.


    මීට අමතරව සහභාගි වූ නිලධාරීන් විසින් ළමා හා කාන්තා අයිතීන් පිළිබඳ නැගූ ප්‍රශ්න සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා සහ විශේෂ දේශන පැවැත්වූ නිලධාරීන් විසින් පිළිතුරු සපයන ලදී.

    කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම වැඩමුළුව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙනු ලැබ තිබිණි.එම අවස්ථාවට කිලිනොච්චිය අතිරේක දිසාපති එම්. සිරිනිවාසන්, ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂ කේ.එම්. ආරියරත්න, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ පුද්ගලික ලේකම් කේ.ඒ.ටී.බී. ජයවර්ධන, කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

    ECB


    child2

    child3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya