නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා යෝජනා පිළිබඳ සර්ව පාක්ෂික දේශපාලන හමුව අද ජනපති ප‍්‍රධානත්වයෙන් Featured

    ඔක්තෝබර් 22, 2015

    ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂ නායකයින්ගේ මත විමසන සර්ව පාක්ෂික දේශපාලන හමුවක් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ප.ව 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

    අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 21 ක සහභාගීත්වයෙන් මෙම සර්ව පාක්ෂික දේශපාලන හමුව පැවැත්වෙයි.

     

    එක් පක්ෂයකින් පක්ෂයේ මහ ලේකම් ඇතුළු තිදෙනෙකුට සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී විය හැකි අතර සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆෝන්සේකා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් යන මහත්වරුන්ද මෙම හමුව සඳහා සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya