අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් මහ්මුදුල් මලික් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
“අබු බකර්” නෞකාව ඔක්තෝබර් මස 23 වන දින දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටින අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් වැලිසර නාවික කඳවුරේදී සුහද පැසිපන්දු තරඟයක් පැවැත්වීමට ද නියමිතය. තවද, ශ්රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් හා නාවිකයින් 50 දෙනෙකු හට මෙම නෞකාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද හිමිවනු ඇත.
SDF