අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දරුවන්ට ඇති උතුම්ම සම්පත මව්පිය සෙනෙහසයි"

    මාර්තු 25, 2014


    දරුවන්ට කොතරම් සැප සම්පත් තිබුණ ද ඔවුන්ට ඇති උතුම්ම සම්පත වන්නේ මව්පිය සෙනෙහස බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    වර්තමානයේ විවිධ අවශ්‍යතා නිසා දෙමව්පියන් තම දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සමීප ත ම ඥාතීන් වෙත බාරදුන්න ද දරුවන්ගේ හොඳම ආරක්ෂකයන් වන්නේ දෙමව්පියන් බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදාදීම යටතේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පසුගිය දා පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් තුන්සියඅසූහතර දෙනෙක් (384) සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදෙන ලදී.දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති ජංගම සේවාවන්වල දී බහුතරයක් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, පොත් බෑග් වැනි දරුවන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ පවා නොමැති බව අනාවරණය වීම නිසා ඔවුන්ට මෙලෙස අධ්‍යාපන උපකරණ ලබාදීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
    දෙමව්පියන් විසින් දරුවන් වෙත දියයුතු වටිනාම දායාදය වන්නේ අධ්‍යාපනය බව ද කොතරම් මිල මුදල් තිබුණ ද දරුවෙකුට නිසි අධ්‍යාපනයක් ලබා නොදුන්නොත් එහි විපාකය එම දරුවා වැඩිහිටියෙකු ලෙස සමාජයේ ජීවත්වන විට ඔහුට අත්විඳින්නට සිදුවන බව ද මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    දැයේ දරුවන් දැනුමෙන්, බුද්ධියෙන් පෝෂණය කරන්නට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ ජාතික වගකීම් ඉටු කරමින් සිටින බව ද දරුවන් වෙනුවෙන් සිදුකරන සෑම යහපත් දෙයක්ම අනාගතය සඳහා සිදුකරන වටිනා ආයෝජනයක් බව ද මෙහි දී අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    එමෙන් ම මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි සහ අතිරේක ලේකම් අශෝකා අලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya