නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය නොව විදේශ ආයෝජන - මුදල් ඇමැති ඇමෙරිකාවට කියයි Featured

    සැප්තැම්බර් 30, 2015

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ණය ආධාර නොව විදේශ ආයෝජනයන් බව මුදල් අමාත්යශ රවී කරුණානායක මහතා අමෙරිකාවට පෙන්වා දෙයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පෙන්වා දුන්නේ මෙරට අමෙරිකානු තානාපති (Atul Keshap) අතුල් කෙෂාප් මහතා ඊයේ (29) මුදල් අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී ය.

     

    ඊට පිළිතුරු දුන් තානාපතිවරයා පැවසුවේ ඉදිරියේ දී ආයෝජනයන් ශක්තිමත් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමට එකගත්වය පළ කරන බවයි.

     

    පිරිසිදු පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් බවත් විවෘත භාවයෙන් යුතු ආණ්ඩුවක් රට තුළ නිර්මාණය වී තිබීම ආයෝජනයන් ශක්තිමත් වීම කෙරෙහි බලපා ඇති බවත් තානාපතිවරයා අවධාරණය කළේය.

     

    දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි.



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සේ ම අග්‍රාමාත්යත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද අමෙරිකාවේ සංචාරයක නිරත වන අතරතුර මෙම හමුව පැවැත්වීම විශේෂත්වයකි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya