කුඩා කල සිට දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් හුරුකරවීම දරුවන් විෂමාචාරවලින් බේරාගැනීමට විශාල පිටුබලයක් වන බව ‘දරුවන් පණමෙන් සුරකිමු‘ තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාවේ ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ පාගමන සහ අත්පත‍්‍රිකා ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දරුවන් රැකබලාගැනීමේ දී දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීම, ඔවුන් කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ හැසිරීම් රටා ගැන සෝදිසියෙන් සිටීම, දෙමව්පියන් විසින් පැහැර නොහැරිය යුතු කාර්යභාරයක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජාතික කාර්යභාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් අද පෙරවරු 10ට ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් මෙම වැඩසටහන ක‍්‍රියාවට නැංවිණි.
ඒ අනුව දීප ව්‍යාප්ත ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 334 ක තරුණ සේවා නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
kpm