නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    සැප්තැම්බර් 30, 2015

    ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය- 2015 විභාගය ලබන 03 වැනි දා කොළඹ දී පමණක් පැවත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සඳහා අයදුම්කරුවන් 1,087ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරිවාස/ වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරුන්/වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙව භාෂාව පිළබඳ පරීක්ෂණය- 2016(I) (වාචික පරීක්ෂණය) ලබන 06 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය- 2014 (2015) විභාගය ලබන 10 වැනිදා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 8493ක් සුදුසුකම් ලබා සිටිති.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය- 2015 විභාගය ලබන 10 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවල දී පැවැත් වේ. මේ සඳහා අයදුම්කරුවන් 20,805ක් මෙම විභාගයට පෙනී සිටීමට නියමිතය.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉස් විභාගය- 2015 විභාගය ලබන 17 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරග විභාගය- 2015 (කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා- පාඨමාලාව - 2016/2018) විභාගය ලබන 18 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවල දී පැවැත් වේ. එම විභාගය සඳහා 2,128ක් සුදුසුකම් ලබා සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya