රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනයට සමඟාමීව රාජකීය ආදී ශිෂ්‍ය සංගමය විසින් යුද හමුදාපතිතුමා වෙත මෙම උපහාර පිරිනැමීමේ උළෙල සංවිධානය කර ඇත.
මෙම උපහාර උළෙල සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිෂානත් ද සිල්වා සමගින් නයනා ද සිල්වා මැතිණිය සහභාගි වූ අතර, රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා විසින් මෙම දෙපල පිළිගනු ලැබීය.
උළෙල ආරම්භයේ යුද හමුදාපතිතුමා විසින් විද්‍යාල පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක් වූ අතර, අනතුරුව විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම විසින් ආචාර සම්මාන මුරයක් සමගින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය.
අනතුරුව විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද හමුදාපතිතුමා විසින් රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා නවතමයෙන් පත් වූ ශිෂ්‍ය නායකයින් හට සහතික පත් ප්රදානය කරනු ලැබීය.
මෙම සමරු උළෙල සිහිගන්වමින් විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් ආදි රාජකීය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු වූ යුද හමුදාපතිතුමා හට සමරු තිළිණයක් ද ප්රදානය කරනු ලැබීය.
DB