හජ් උත්සව දිනට පසු දින වන ලබන 25 වැනි දා සිකුරාදා දිනයක් වන බවත් මුස්ලිම් පාසල් සිකුරාදා දිනවල පෙරවරු 11.30ට අවසන් වන බවත් දන්වා තිබේ. ඒ අනුව හජ් උත්සව දිනට පසු දින ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම අඩු විය හැකි බැවින් මුස්ලිම් පාසල්වලට ලබන 25 වැනි දා නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම එම නිවාඩු දිනට හිලව් සැසියක් 2015.10.03 වැනි සෙනසුරාදා දින පැවැත්විය යුතු බවට වන කොන්දේසිය මත මුස්ලිම් පාසල් සඳහා ලබන 25 වැනි දා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm