මෙම ශ්‍රමදාන කටයුතු ඊයේ (16) ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ගාල්ල, දෙවිනුවර, මිරිස්ස, බේරුවල, මීගමුව ආදී ධීවර වරායන්වල ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් හා ධීවර ක්ෂේත්‍රයන්ට අදාළ සියලුම පාර්ශවයන් සහභාගී කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
යුරෝපා මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් ධීවර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාකාරකම්වල පගතිය නිරීක්ෂණය කිරීමට යුරෝපා කොමිසමේ තාක්ෂණික නියෝජිත කණ්ඩායමක් ඔක්තෝම්බර් මස පළමු සතියේ (2015.10.05 සිට 09 දක්වා) දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔවුන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එම කණ්ඩායම ධීවර ක්ෂේත්‍රෙය් තාක්ෂණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශ ලේකම්, ඩබ්. එම්. එම්. ආර්. අධිකාරී මහත්මිය ඇතුළුව ධීවර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ යුරෝපා කොමිසම් කාර්යාලය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, හා වාණිජ දෙපාර්තමේන්තුවද සහභාගීත්වයෙන් පවත්වනු ඇත.
දෙපාර්ශවය අතර පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡාවලට අමතරව ක්ෂේත්‍ර චාරිකාවලට සහභාගිවීමටද නියෝජිත පිරිස අදහස් කරයි. නිරීක්ෂණයට ලක්වන ආයතන අතර, ධීවර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය, බේරුවල ධීවර වරාය ඇතුළු තෝරාගත් ධීවර වරාය කිහිපයක් ඇත. පසුව එම නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
kpm