මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ ප්‍රතිඵල පක්ෂ භේදයෙන් තොරව සියලුදෙනාට ම අත්විදීමේ හැකියාව පවතිනවා Featured

    මැයි 21, 2014

    රට සංවර්ධනය කිරීමට ඒ සඳහා විශාල මුදලක් වැය වන බව පවසමින් මුදල් නාස්ති කරන බව ඇතැමුන් චෝදනා කළද, සංවර්ධනයේ ප්‍රතිඵල පක්ෂ භේදයෙන් තොරව සියලුදෙනාට ම අත්විදීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

    ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ දී සිරීපාදය උසට තරම් මුදල් වැයවන බව පැවසුවත්, එදා ආරම්භ කළ සංවර්ධන යෝජනා ක්‍රමයන්  හි විපුල ප්‍රතිඵල මේ දක්වාම අත්විදීමේ හැකියාව සමස්ත ජනයාට ඇතැයි ඒ මහතා පැවසීය.  අග්‍රාමාත්‍ය කාර්යාලයේ නව සේවා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය මත ඉදිකිරීම් කටයුතු පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මෙහෙයවීමෙන් මුදල් අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ පන්සීයක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

     මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා අනතුරුව එහි පැවැති උත්සව සභාවේ දී තවදුරටත් පැවසුවේ, “රට සංවර්ධනය කිරීමේ දී ඒ සඳහා මුදල් ආයෝජනය කළත්, එහි ප්‍රතිඵල ඒ විගසින් ලැබෙන්නේ නැහැ. නමුත් සංවර්ධනයේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසර කිහිපයක් ගතවෙනවා.  ඒ ලැබෙන ප්‍රතිඵල පරම්පරා ගණනාවක ජනතාවට අත්විදීමේ හැකියාවක් පවතින බව කිව යුතුයි. ඇතැමුන් මේ සංවර්ධන යෝජනා ක්‍රම දෙස බලමින් විවේචන එල්ල කළත්, ඔවුන්ට පවා සංවර්ධනයේ ප්‍රතිඵල අත්විදීමේ හැකියාව තිබෙනවා.

     ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජාති, ආගම් භේදයෙන් තොරව රට දියුණු කිරීමට කටයුතු කරන නායකයෙක්.  ජාතියක් වශයෙන් අප ශ්‍රී ලංකාව ගොඩනැගීමේ දී බාහිර දියුණුව මෙන්ම, අභ්‍යන්තර දියුණුව ද ඇතිකර ගත යුතුයි. භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකර ගැනීම මගින් සාරධර්මයෙන් පරිපූර්ණ ජන පිරිසක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා” යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

     කොල්ලුපිටිය වාලුකාරාමාධිපති පූජ්‍යපාද මහරගම නන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතීඥ අනුරාධ ලංකා ජයරත්න, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම යන මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya