මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ලුතිතන් ජෙනරල් චෞද්රි හසන් සර්වර්දී මහතා විසින් වන අතර බංග්ලාදේශ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනෙක්, නාවික සහ ගුවන් හමුදා නිලධාරින් 01 අයෙක් බැගින්, සිවිල් පරිපාලන නිලධාරින් 04 දෙනෙක් සහ මිත්‍ර රටවල නිලධාරින් 04 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 23 දෙනෙකුගෙන් සමන්විතය.
මෙහිදී නිලධාරින් පිරිස සහ ආරක්ෂක ලේකම්වරයා අතර ද්වීපාර්ශවීය පුහුණු කටයුතු කරුණු සුහද සාකච්ඡාවකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම පිරිස පසුගිය 30දා මෙරටට ළඟා වූ අතර අද (04) මෙරටින් නික්ම යාමට නියමිතය.
DB/DEFENCE.LK