මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිරි තැපැල් ඡන්ද පැකැට්ටු භාර දෙන්න- මැතිවරණ කොමසාරිස් Featured

    අගෝස්තු 06, 2015

    2015 අගොස්තු 17 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැවැත්වෙන තැපැල් ඡන්දය ලකුණු කිරීමෙන් පසු ඒ ඒ කාර්යාලවල ඉතිරි වන තැපැල් ඡන්ද පැකැට්ටු සියල්ල අද (06) හෙට (07) දින මධ්‍යාහ්න 12.00ට පෙර අදාළ සහතික කිරීමේ නිලධාරීන් විසින් භාරදීම සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී ලබන 08 වැනිදා සලකුණු කිරීමෙන් පසු ඉතිරි තැපැල් ඡන්ද පැකැට්ටු ද එදින ම එම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා දන්වා සිටි.

     

    මීට අමතරව කලාප/ කොට්ඨාස/අධ්‍යාපන කාර්යාලවල හා පාසල්වල ද පොලිස් ස්ථානවල ද තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 03 වැනිදා දින සිදු කෙරුණු අතර සෙසු කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (05) සහ අද (06) දෙදින සිදු කෙරේ.

     

    මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 08 වැනි දා සිදු කිරීමට නියමිත බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

     

    තැපැල් ප්‍රමාදයක් හේතුවෙන් යම් පැකැට්ටුවක් අද දිනෙන් පසුව ද සහතික කිරීමේ නිලධරන් වෙත ලද හොත් එය විවෘත කිරීමකින් තොරව තම කාර්යාල පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අදාළ පැකැට්ටුව ලැබුණු දිනයේදී ම භාරදීමට ක්‍රියාකළ යුතුවේ.

     

    තැපැල් ඡන්ද සලකුණු කිරීම නීරීක්ෂණය සඳහා තේරීම්භාර නිලධාරීන් විසින් යොදවන අධීක්ෂණ නිලධරයන්ට අමතරව තරග කරන දේශපාලන පක්ෂ/ කාණ්ඩායම්වල එක් නියෝජිතයකු බැගින් සහ අවසරලත් නිරීක්ෂණ සංවිධානවල එක් නිරීක්ෂකයකු බැගින් ද තැපැල් ඡන්ද සලකුණු කරනු ලබන අවස්ථාවලට පිවිසීමට අවසරය ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya