නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටමස්ථානය වැඳ පුදා ගැනීමට සුඛෝපබෝගි බස් රථ සේවාවක්

    ජූලි 31, 2015

    රට පුරා විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර ක්‍රියාත්මක බස් රථ සේවාව සඳහා සුඛෝපබෝගි බස් රථ 04 ක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (31) පස්වරුවේ සිදු කෙරිණි.

    සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාවට සහභාගී වූ ජනාධිපතිතුමා ඉන් අනතුරුව මේ සඳහා එක් විය.

     

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් මෙලෙස ප්‍රදානය කෙරුණු අතර එම බස් රථ ධාවනයේ යොදවමින් පළමු ටිකට්පත ද ජනාධිපතිතුමා විසින් මිලදී ගනු ලැබීය.

     

    සුඛෝපබෝගි බස් රථ සේවාව යටතේ කි.මි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 100 කි.

     

    අටමස්ථානය වැඳ පුදා ගැනීමේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් වශයෙන් මෙම බස් රථ සේවාව ආරම්භ කර තිබේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya