යුද හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය සංවිධානය කරනු ලැබූ ඒකාබද්ධ ‘සේද මාවත’ යුද අභ්‍යාසය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත අතර පළමු අදියර කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල - ඌව කුඩා ඔය, දෙවන අදියර කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය - ගනේමුල්ල සහ තෙවන අදියර විශේෂ බලකා පුහුණු පාසල- මාදුරු ඔය යන ස්ථානයන් හි පැවැත්වීමට නියමිතය. ප්‍රභූ ආරක්ෂක අධ්‍යයනය, සජීවී වෙඩි තැබීම්, මංතීරු වෙඩි තැබීම්, ස්නයිපර් වෙඩිතැබීම්, ශරීර ආරක්ෂා පිහිටුවීම, සැඟවීමේ අභ්‍යාස, තාක්ෂණික පිරික්සුම්, තත්ත්ව පුහුණු අභ්‍යාස, ගරිල්ලා සටන් අභ්‍යාස, වාහන ආශ්‍රිත සැඟවී සිට ප්‍රහාරදීමේ අභ්‍යාස, ගුවන් යානා සහ ගොඩනැගිලි විකල්ප පුහුණු ආදිය අදියර තුන යටතේ පැවැත්වීමට නියමිතය.
‘සේද මාවත’ යුද අභ්‍යාසයේ පළමු අදියර මෙම වසරේ මුල් භාගයේ දී අතිසාර්ථකව පසුගිය මාර්තු 29 සිට අප්‍රේල් 17 දක්වා ශ්‍රී ලංකාවේ කමාන්ඩෝ සෙබළුන් 42කගේ සහභාගීත්වයෙන් චීනයේ දී පැවැත්විණි.
චීන මහජන විමුක්ති හමුදාවේ ලුතිතන් කර්නල් කුයි කුයෑන්ග් මහතා ඇතුළු යුද හමුදා සාමාජිකයන් 43 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂකාර්ය බලකායේ සෙබළුන් එක්ව පවත්වනු ලැබූ ‘සේද මාවත’ යුද අභ්‍යාසයේ හි සමාප්ති උත්සවය ජූලි 13 දින පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, යුද හමුදා පුහුණු ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
NDH/ army.lk