නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ඇෆ්ගන් පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි Featured

    ජූනි 23, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකී. එය ඉතා දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට විස්තර කරමින්, ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අනෙකුත්  තර්ජන පරාජය කිරීම සඳහා වන සාමූහික අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     

    පහත සඳහන් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කරන ලද නිවේදනය:

     

    “කලාපීය සහයෝගිතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානය (සාක්) තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ සාමාජිකයෙකු ලෙස  ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදයේ අතිදුෂ්ට ක්‍රියාවක් ලෙස මම හෙළා දකිමි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නිගා කරන එවැනි උත්සාහයන්, මේ භයානක ත්‍රස්තවාදී උවදුරට එරෙහිව ඇෆ්ගනිස්ථානය කරගෙන යන සිය සටනට බාධාවකට හේතුවක් නොවිය යුතුය.

     

    දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කර එය සාර්ථකව මෙරටින් තුරන් කළ ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, මෙම ප්‍රහරයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සිය සංවේගය පළ කරන අතරම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරයි.

     

    අපි ඇෆ්ගන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සහයෝගීව නැගී සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන ත්‍රස්තවාදය සහ අනෙකුත් තර්ජන පරාජය කිරීම සඳහා සාමූහික අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කර සිටිමු. "

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya