අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් Featured

    මැයි 13, 2014

    ඉන්දු - ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡා ඊයේ (12 ) පැවැති අතර, එකී සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් විය.


    ඊයේ පෙරවරුවේ කොළඹ කිංසි පාරේ සෙඩෙක් ආයතන ශ‍්‍රවණාගාරයේදී ඉන්දු - ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡාව ආරම්භ විය. මෙම සාකච්ඡා එදින ප.ව. 7.30 දක්වාම පැවැති අතර දෙපාර්ශවයටම කිසිඳු එකඟතාවකට පත්වීමට නොහැකි විය.


    ඉන්දීය චෙන්නායි ධීවර සංවිධාන නියෝජිතයින් ශ‍්‍රී ලංකා පාර්ශවයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තමන්ට සතියකට දින 3 බැගින් වසරකට දින 120ක කාල සීමාවක් ශ‍්‍රී ලංකා උතුරු මුහුදේදී මාළු ඇල්ලීමට ඉඩ ලබාදෙන ලෙසත්, ඒ සඳහා බොටම් ට්‍රෝලිං ක‍්‍රමය භාවිත කිරීමට ඉඩ දෙන ලෙසත්ය.


    මෙම යෝජනාවට ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන නායකයින් එකහෙළාම විරුද්ධ වු අතර මොනම හේතුවක් නිසාවත් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට නොඑන ලෙසත්, ශ‍්‍රී ලංකා මුහුදේදී මාළු ඇල්ලීමට ඉඩ දිය නොහැකි බවත්, ජාත්‍යන්තර සාගර නීතියට ගරු කරමින් ඒ අනුව කටයුතු කරන ලෙසත් ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන නියෝජිතවරු පැවසූහ.


    තමන් වසර 30ක් යුද්ධය නිසා පීඩාවට පත්වු බවත්, දැන් තමන් යළිත් වරක් සිය ජීවනෝපාය ගොඩනගා ගැනීමට රජයේ ආධාර ඇතිව ධීවර කර්මාන්තයේ යෙදෙන බවත්, අපේ මුහුදේ අපට අයිති මාළු අල්ලමින්, අපේ මුළු මුහුදම බොටම් ට්‍රෝලිං කර විනාශ කරමින් තමිල්නාඩු ධීවරයින් විනාශ කරන බවත්, අපට උදව් කරනවා වෙනුවට අපේ මුහුදේ මාළු අල්ලමින් මුළු මුහුදම විනාශ කිරීම සාධාරණද? යන්න ශ‍්‍රී ලංකා ධීවරයින් ඉන්දීය ධීවරයන්ට පෙන්වා දුන්නේය.


    නමුත් දිගින් දිගටම ඉන්දීය ධීවරයින් අපේ මුහුදේ මාළු ඇල්ලීමට දින 90ක්වත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ශ‍්‍රී ලංකා ධීවරයින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරනු ලැබීම නිසාත්, ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අපේ මුහුදේ බොටම් ට්‍රෝලිං ක‍්‍රමයට මාළු ඇල්ලීමට නොපැමිණෙන ලෙස ශ‍්‍රී ලංකා නියෝජිතයින් ඉන්දියානු නියෝජිතයිනට දැන්වුවද ඊට ඉන්දිය ධීවරයින් එකඟ නොවීම නිසාත්, දෙරටේ ධීවර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් කරන්නට සිදුවිය.


    මෙම දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 13 වැනිදාය. නමුත් තමිල්නාඩු බලධාරින්ගේ ගැටලු සහගත තත්ත්වයන් නිසා සාකච්ඡා අවලංගු කෙරුණි. ඉන් පසුව යළිත් වරක් තමිල්නාඩු ධීවර සංවිධානවල ඉල්ලීම මත සාකච්ඡා සඳහා මාර්තු 27 වැනිදාට දින නියම කෙරුණි. නමුත් තමිල්නාඩු ධීවර සංවිධාන නොපැමිණිම නිසා යළිත් වරක් සාකච්ඡා අවලංගු කෙරුණි.


    ඉංදියානු මධ්‍යම රජය මෙම තමිල්නාඩු - ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡා සඳහා මැයි මස 12 හෝ 13 යන දිනවලින් එකක් ලබාදෙන ලෙස කොළඹ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය මඟින් ඉල්ලා සිටිය අතර ඒ සඳහා මැයි මස 12 දා ලබා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙනු ලැබීය. මේ අනුව මෙම සාකච්ඡා පැවැත්වුණි.


    පසුගිය ජනවාරි 27 දා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායි හි පැවති පළමු සාකච්ඡුාවන්ගෙන් පසුව ඇති කරගත් එකඟතාවන් හි සාර්ථකත්වය මෙහිදි සාකච්ඡා කරනු ලැබීය.


    පසුගිය චෙන්නායි සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවන්ට අනුව ඉන්දිය යාත‍්‍රා තහනම් පන්න ක‍්‍රමයක් වන ට්‍රෝලිං කිරීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමට එකඟ වු අතර, 2014 පෙබරවාරි 10 සිට 2014 මාර්තු 10 දක්වා මාසයක කාලයක් ඉන්දිය යාත‍්‍රා ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මුහුදු සීමා උල්ලංඝනය නොකරන බවටද එකඟ විය. එසේම ඔවුන් මෙම කාලය තුළ ට්‍රෝලිං අතහැර විකල්ප ක‍්‍රම අනුගමනය කිරීමටද, ඒ පිළිබඳව ප‍්‍රාන්ත රජය සමඟ මෙන්ම ඉන්දිය මධ්‍යම රජය සමඟද සාකච්ඡා කිරීමට එකඟ විය.


    නමුත් චෙන්නායි ධීවරයින් මෙම එකඟතා කඩකරමින් වාර කීපයකදිම ශ‍්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කරමින් මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම නිසා ඉන්දිය තමිල්නාඩු ධීවරයින් හා යාත‍්‍රා අවස්ථා ගණනාවකදීම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු සඳහා යොමුකර පසුව නිදහස් කරනු ලැබීය.

        
    මෙම ඉන්දු-ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන 2 වැනි වටයේ සාකච්ඡා වලදි මෙම එකඟතා කඩවීම ගැනත්, මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම සඳහාත් සාකච්ඡා කරනු ලැබීය. මෙම සාකච්ඡා සඳහා ඉන්දිය පාර්ශවයෙන් ධීවර සංවිධාන නායකයින් 18ක් හා නිලධාරින් 08ක් සහභාගි වූ අතර ශ‍්‍රී ලංකා පාර්ශවයෙන් ධීවර සංවිධාන නායකයින් 20ක් හා නිලධාරින් 10 දෙනෙක් ද සහභාගි වූහ. මෙම ශ‍්‍රී ලංකා ධීවර නියෝජිත පිරිසට යාපනය, මන්නාරම, මුලතිව්, කිළිනොච්චිය, වව්නියාව, ත‍්‍රීකුණාමලය, පුත්තලම, හලාවත, මීගමුව දිස්ත‍්‍රීක් ධීවර සංවිධාන නායකයින් සහභාගි වන අතර දකුණේ දිස්ත‍්‍රික්ක කීපයක ධීවර සංවිධාන නායකයෝද සහභාගි වූහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya