ඉඩම් අත්පත් කරගැනීමට අත්‍යාවශ්‍ය අවස්ථාවන් හිදි ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජයේ උපදේශකත්වය සහ සහභාගීත්වය ඇතිව ක්‍රමවත් මානුෂික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
පහුගිය ආණ්ඩු සමයේ විවිධ අවශ්‍යතාවන්ට මහජනයා බලහත්කාරයෙන් ඉවත් කරමින් ඉඩම් අත්පත් කරගත් අතර, ඒ සඳහා වන්දි ගෙවීම් සිදු කර ඇත්තේ ද අක්‍රමවත් හා අවිධිමත් ලෙසය. අග්‍රාමාත්‍යතුමා තවදුරටත් කියා සිටියේ ජනතාව වෙනුවෙන් කැපවී සිටින රජයක් ලෙස, රජයේ සහ පෞද්ගලික ඉඩම් පිළිබඳ කටයුතුවලදී වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතු සැලසුමක් හදුන්වා දිය යුතු බවයි.
SDF