නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය කාලෙ අපිට තිබුණ නැව් විකුණලා අද නැව් නැති නැව් සංස්ථාවක් බවට වෙලා Featured

    ජූනි 10, 2015

    නැව් විස්සක් විසි එකක් පමණ තිබුණ සීමාසහිත ලංකා නැව් සංස්ථාව අද නැව් නැති නැව් සංස්ථාවක් බවට පත්ව ඇති බවත් පසුගිය කාලයේ තිබුණ නැව් සියල්ල විකුණා දමා ඇති බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සීමාසහිත ලංකා නැව් සංස්ථාවට වසර 44ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති 'අයිරන්ස් විස්ඩම්' නෞකාවේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක දීය.

     

    මෙම අවස්ථාවේ දී සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී දනතුංග මහතා විසින් සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ 2016-2020 සංස්ථාපිත සැලැස්ම වරාය හා නාවික අමාත්‍යවරයා වෙත ලබා දෙන ලදී.

     

    සීමාසහිත ලංකා නැව් සංස්ථාව නැව් නැතත් ලාභ ලබන ආයතනයක් බවත් ලාභ ලැබීමේ ප්‍රධාන මාර්ගය වන්නේ ගල් අඟුරු ප්‍රවාහනය කිරීම බවත් සංස්ථාව ලබන මුළු ලාභයෙන් සියයට 70ක් පමණ වන බවත් සභාව ඇමතූ දනතුංග මහතා ප්‍රකාශ කළේය.

     

    අලුත් නෞකාවන් දෙකක් නැව් සංස්ථාවට මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් ඉන් එක් නෞකාවක් මෙම වසරේ නොවැම්බර් මාසයේ දීත් අනෙක් නෞකාව එළඹෙන වසරේත් ලැබෙනු ඇති බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය. එම නෞකා ගල් අඟුරු ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට සීමාසහිත ලංකා නැව් සංස්ථාව අපේක්ෂා කරයි.

     

    විශේෂයෙන්ම ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සහ කන්ටේනර් පෙට්ටි ප්‍රවාහනයේ දී කොළඹ නගරය තුළ විශාල රථවාහන තදබදයක් ඇති වීම ඔවුන් මුහුණදෙන අභියෝගයක් බවත් මෙම තදබදය අඩුකිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දිනකට කන්ටේනර් පෙට්ටි පැටවූ රථ 1,000ක් පමණ කොළඹ වරායෙන් පිටත් වේ.

     

    එහිදී ප්‍රධාන වශයෙන් ගල් අඟුරු සහ භාණ්ඩ,සේවා ගොඩබිමින් ප්‍රවාහනය කිරීම වෙනුවට නෞකා මඟින් රටේ කුඩා වාරායන් වෙත ප්‍රවාහනය කර බෙදා හැරීමට සැලසුම් කරන බවත් ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් පවතින කුඩා වරායන් සංවර්ධනයට සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

     

    මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන් හට නෞකාවෙහි නිරීක්ෂණ චාරිකාවක් ද සංවිධානය කර තිබුණි. එහිදී නෞකාවේ කපිතාන් නිකොලා පැවසුවේ එම නෞකාවෙහි කන්ටේනර් පෙට්ටි 4,250ක් පමණ ප්‍රවාහනය කළ හැකි බවත් ඔවුන් තායිලන්තයේ සිට සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට භාණ්ඩ ප්‍රවාහනය කර නැවතත් තායිලන්තය බලා යාමට නියමිත බව ය. ඔවුන් මෙම එක් ගමන් වාරයක් සඳහා දින 64ක් ගත කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya