අග්‍රාමාත්‍යතුමාගේ පාස්කු මංගල සුභ පැතුම් පණිවුඩය:
“ජීවිතය තුළින් මරණය උත්තම පූජාවක් බවට පත් කළ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙකි, ක්‍රිස්තුන් වහන්සේ. මනුෂ්‍ය වර්ගයා වෙත විමුක්තියේ මාවත පෙන්වා දීමට කැප වූ උන්වහන්සේ එකල පැවති ආගමික, දේශපාලන බලාධිකාරයට අභියෝගයක් වූ හෙයින් කුරුසියේ ඇණ ගසා මරා දමනු ලැබීය.
ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ මරණයෙන් නැගිටීම සිහිපත් කරන සමය පාස්කුව නැතිනම් චතාරිකය ලෙස හැඳින්වෙයි. කිතුනු ජනතාව මහ සිකුරාදා දින සමරන්නේ උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසා මරණයට පත් කරනු ලැබීමයි.
සත්‍යය, යුක්තිය, සාධාරණත්වය විවිධ බලපෑම් හමුවේ යටපත් වී නපුරේ බලවේග ඉස්මතු වීම අපි ලෝක ඉතිහාසය පුරාම අත්දැක ඇත්තෙමු.
අප දේශය යහපත්, සදාචාරසම්පන්න රාජ්‍යයක් කරා යන ගමනේදී එලෙස අදැහැමි බව රජයන්නට ඉඩ නොදී මනුෂ්‍යත්වය රැකගන්නට පසු වූ මහ සිකුරාදා දින සහ පාස්කු දින තුළ අදිටන් කරගන්න“ යැයි අග්‍රාමාත්‍ය තුමා සිය පාස්කු දින පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි.
ලක්වැසි කිතුනු ජනතාවට සුබ පාස්කු මංගල්‍යයක් වේවා.
SDF