එම පිරිසෙන් 134 ක් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර දැනට පරීක්ෂණ සිදු කෙරෙන සැක කරුවන්ගේ ගණන 60කි. ත්‍රස්තවාදී වැලැක්විමේ පනත යටතේ 25 දෙනෙකු රැඳවුම්භාරයේ සිටින අතර මේ අනුව 219 දෙනෙකු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාර ගත කොට ඇති බව පවසන අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙයින් සැකකරුවන් 09 දෙනෙකු ඇප මත මුදා හැර ඇති බව ද අවධාරණය කළේය.
ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන පොදු ජනතාවගේ ජීවන ගැටලු නිරාකරණය කිරීම සඳහා සුදුසු විසඳුම් ක්‍රියාත්මක කිරිමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් හා සර්වාගමික නායකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සර්වාගමික සමුළුවක් පැවැත් විණි.
ත්‍රස්තවාදී විපත්වලින් අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීම හා පුනරුත්ථාපන කටයුතු සම්බන්ධව නව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සර්වාගමික නායකයින් දැනුවත් කළ නැවත පදිංචි කිරීමේ හ හින්දු කටයුතු පිළිබඳව අමාත්‍ය ඩී.ඇම්.ස්වාමිනාදන් මහතා උතුරේ පාරම්පරික ඉඩම් හිමි ජනතාවගේ ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය හා පුනරුත්ථාපන අමාත්‍යාංශය නියෝජනය කර පත් කර තිබෙන විශේෂ කමිටුව මඟින් එම ඉඩම් පිළිබඳව සියලු තොරතුරු සොයා බලා පාරම්පරික ඉඩම් හිමි ජනතාව වෙත එම ඉඩම් අයිතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසීය.
සර්වාගමික සමුළුවක් පත් කළේ සියලුම ආගමික නායකයින්ගේ මූලිකත්වයෙන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට බැවින් යුද්ධය නිසා පිඩාවට පත් ජනතාවට සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරිමට කටයුතු කරන බවත් දැනට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් මුල් පදිංචි කරුවන්ගේ ඉඩම් ගැටලුවකින් තොරව නැවත ඔවුන්ට ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, පැවසූහ. උතුරු නැගෙනහිර පළාත්වල යුදමය වාතාවරණයක් යටතේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් වසර 10 භුක්තියට සින්නවීමට පවතින නීතිමය රාමුව මෙම ඉඩම් හිමියන්ට බලනොපාන ලෙස නීති සංශෝධනය කිරිමට රජයේ අවධානය යොමු විය යුතු බවත් යුද්ධය හේතුවෙන් වැන්දඹු කාන්තාවන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනිම සඳහා පුළුල් වැපිළිවෙළක් දියත් කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ත්‍රස්තවාදී චෝදනා මත සිදු කරන අධිකරණ ක්‍රියාදාමයන් කඩිනම් කිරීම සඳහා ත්‍රස්තවාදී කටයුතු නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීම අධිකරණ අමාත්‍යවරයාට යෝජනා කළ කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් යුදමය වාතාවරණ යටතේ රට හැර ගොස් සිටින ජනතාවට සිය මව්බිමට යළි පැමිණිමට අවශ්‍ය පහසුකම් රජය ලබාදීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට, කෝට්ටේ පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමා, ඩුලිප් ඩී. සිගේරා පියතුමා, ගුණානන්ද ෂර්මා කුරුක්කල්තුමා ඇතුළු ආගමික නායකයින් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
kpm